හොරෙන් ID හැදූ ඩයනාගේ නඩුව නොවැම්බර් කැඳවීමට දින දෙයි

කූඨ ලේඛනයක් ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුව කොළඹ මහාධිකරණයේ දී කැඳවනු ලැබු අවස්ථාවේ දී තවත් සාක්ෂිකරුවකු ඉදිරිපත් කරන බව රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම්දුන්නා.

එහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂි ලැයිස්තුවට තවත් සාක්ෂිකරුවකු එක් කිරීමට තීරණය කර ඇති බවත්, එබැවින් අදාළ සාක්‍ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අදාළ සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමටයි අවසර ලබා දුන්නේ.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබෙන විත්තිකාරියගේ උප්පැන්න සහතිකයේ මුල් ගොනුව නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පරීක්ෂා කිරීමට තමන්ට අවශ්‍ය බව ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ ගොනුව දැනට පවතින ස්ථානයේ සිට සතියක් තුළ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඉන් අනතුරුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව නොවැම්බර් මස 4 වනදා කැඳවීමට ද නියම කෙරුණා.

2004 වසරේ ඔක්තෝබර් මස 09 වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 01 වනදා අතර කාලසීමාව තුළ පානදුර හා කොළඹ ප්‍රදේශවලදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර කූඨ ලෙස මෙරට විදේශ ගමන්බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධි චෝදනා පත්‍රය ගොනු කරනු ලැබුවා.

කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය අගෝස්තු 27 වන දින මෙම අධිචෝදනා පත්‍ර භාරදීම සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?