හොරෙන් විදුලිය ගත්ත OICගේ බිරිඳ අත්අඩංගුවට

අනවසරයෙන් නිවසකට විදුලිය ලබාගැනීමක් සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව – සිවලාකුලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ බිරිඳ ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

කැකිරාව විදුලි බල මණ්ඩලයේ වැටලීම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගලෙන්බිඳුණුවැව, යකල්ල ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමක දී අනවසර විදුලිය ලබාගැනීමක් සම්බන්ධයෙන් නිරීක්ෂණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කාන්තාවක් එම නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර, පසුව ඇය පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

47 හැවිරිදි අදාළ කාන්තාව අද (22) දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?