හොරෙන් විදුලිය ගත්ත OICගේ බිරිඳ අත්අඩංගුවට

අනවසරයෙන් නිවසකට විදුලිය ලබාගැනීමක් සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව – සිවලාකුලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ බිරිඳ ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

කැකිරාව විදුලි බල මණ්ඩලයේ වැටලීම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගලෙන්බිඳුණුවැව, යකල්ල ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමක දී අනවසර විදුලිය ලබාගැනීමක් සම්බන්ධයෙන් නිරීක්ෂණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කාන්තාවක් එම නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර, පසුව ඇය පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

47 හැවිරිදි අදාළ කාන්තාව අද (22) දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල වැඩිකිරීම සහනාධාරයක් ද..?
02:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
03:41
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
04:58
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48