හොරෙන් රට පනින්න හැදූ පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

පසුගිය මාස තුනක කාලය තුළ නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට යාමට උත්සාහ කල පුද්ගලයන් 506 දෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගැඹුරු මුහුදේදී 433 දෙනකුත්, වෙරළට සමීප මුහුදු සීමාවේදී අවස්ථා පහකදී පුද්ගලයන් 73 දෙනකුත් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ගමන් කිරීම සඳහා යොදාගෙන තිබූ බහුදින යාත්‍රා අටක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාවේ නිරීක්ෂණයට හසු නොවී 91 දෙනකු ඔස්ට්‍රේලියානු මුහුදු සීමාවට පිවිස ඇති අතර, ඔවුන් එරට වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නැවත මෙරටට එවීමට කටයුතු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?