හොරා පොලිස් සෙල්ලම් දැමූ සැකකරු කාන්තාවක් සමග අත්අඩංගුවට

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තබා තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු තවත් ඝාතනය කිහිපයකට පොලිස් නිලධාරියකු ලෙස වෙස් ගෙන සහාය ලබාදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම සැකකරුගේ අපරාධවලට සහාය දුන් කාන්තාවක් මෙන්ම ගිනි අවියක් සහ මත්කුඩු ද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රකාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කුලියාපිටිය මහසෙන් මාවත ප්‍රදේශයේ පදිංචි මාමා නමින් හඳුන්වන අයෙක්.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මනික්කුගේ නුරේශ් සුපුන් දයාරත්න නොහොත් හීනටියන මහේෂන් යන අයගේ සමීපතමයකු බව ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

සැකකරු සහ සැකකාරිය සමග පිස්තෝල ගිනි අවියක්, ජීව උන්ඩයක්, මත්කුඩු ගෑම් 15ක්, රුපියල් 60,000ක මුදලක් මෙන්ම ජංගම දුරකථන දෙකක් ද පොලිස් බාරයට ගෙන ඇතැයි සඳහන්.

පොලිස් විශේෂ කාර්යය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරු අනුව කටාන හා කුලියාපිටිය ප්‍රදේශවල දී වැටලීම සිදු කර තිබෙනවා.

පසුගිය 2022 වසරේ ඔක්තෝම්බර් 6 වනදා මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකට පොලිස් නිල ඇඳුමින් සැරසී වෙඩික්කරුවන් සමග ගොස් පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීම, පසුගිය මස 26 වැනි දින අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීම සහ මෙම මස 17 වැනි දින මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට T56 ගිනි අවියකින් වෙඩි තබා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව චෝදනා පවතිනවා.

සැකකරු සහ සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයටයි භාරදී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
2
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?