හොරා පොලිස් සෙල්ලම් දැමූ සැකකරු කාන්තාවක් සමග අත්අඩංගුවට

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තබා තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු තවත් ඝාතනය කිහිපයකට පොලිස් නිලධාරියකු ලෙස වෙස් ගෙන සහාය ලබාදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම සැකකරුගේ අපරාධවලට සහාය දුන් කාන්තාවක් මෙන්ම ගිනි අවියක් සහ මත්කුඩු ද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රකාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කුලියාපිටිය මහසෙන් මාවත ප්‍රදේශයේ පදිංචි මාමා නමින් හඳුන්වන අයෙක්.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මනික්කුගේ නුරේශ් සුපුන් දයාරත්න නොහොත් හීනටියන මහේෂන් යන අයගේ සමීපතමයකු බව ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

සැකකරු සහ සැකකාරිය සමග පිස්තෝල ගිනි අවියක්, ජීව උන්ඩයක්, මත්කුඩු ගෑම් 15ක්, රුපියල් 60,000ක මුදලක් මෙන්ම ජංගම දුරකථන දෙකක් ද පොලිස් බාරයට ගෙන ඇතැයි සඳහන්.

පොලිස් විශේෂ කාර්යය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරු අනුව කටාන හා කුලියාපිටිය ප්‍රදේශවල දී වැටලීම සිදු කර තිබෙනවා.

පසුගිය 2022 වසරේ ඔක්තෝම්බර් 6 වනදා මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකට පොලිස් නිල ඇඳුමින් සැරසී වෙඩික්කරුවන් සමග ගොස් පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීම, පසුගිය මස 26 වැනි දින අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීම සහ මෙම මස 17 වැනි දින මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට T56 ගිනි අවියකින් වෙඩි තබා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව චෝදනා පවතිනවා.

සැකකරු සහ සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයටයි භාරදී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48