“හොඳ ශ්‍රී ලංකාවක් හදන්න අපි ඔයාලට සහාය දුන්නත් දැන් නම් කණගාටුයි” – භාතිය, සන්තුෂ් කියන කතාව

භාතිය සන්තුෂ් කියන්නේ කොයි කවුරුත් දන්න සංගීත ක්ෂේත්‍රය හොල්ලපු ජාත්‍යන්තරය දක්වා අපේ සංගීතය අරන් ගියපු දක්ෂ ජනප්‍රිය  කලා තරු යුගලක්.

එක්තරා අවස්ථාවක දී රියැලිටි වැඩසටහන් විනිසුරුවරුන් වශයෙන් කටයුතු කරන මේ දෙදෙනා සමාජ මාධ්‍ය වල ද ප්‍රසිද්ධ චරිත දෙකක්.

ඒ වගේම ඔවුන් ජනතාව අතර ප්‍රසිද්ධ නිසාම ජනතාවට දෙයක් දැනෙන්න කියන්න ජනතාවට දෙයක් පිළිගන්න හැකි ආකාරයෙන් කියන්න බලයකුත් තියෙනවා.

ඔන්න ඒ නිසාම පසුගිය කාලසීමාව තුළදී හොඳ නායකයෙක් රටට පත් කරන්න කියන චේතනාව මත මේ කලාකරුවන් දෙදෙනාත් මේ පාලකයන් බලයට ගේන්න ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය කියලා ආරංචි වෙනවා.

නමුත් දැන් දැන් ඇතිවෙලා තියන තත්ත්වයත් එක්ක ගොඩක් දෙනෙක් අහනවා කෝ එදා පාලකයන් වෙනුවෙන් පෙනී හිටපු කලාකරුවෝ ඇයි නැත්තෙ කියලා.

අන්න ඒ නිසාම ඔවුන් ඉතාමත් කලකිරුණු ස්වරූපයෙන් සටහනක් ජනාධිපතිවරයා ගැන සඳහන් කරමින් මුහුණු පොතේ පළ කරන්නේ පහත ආකාරයටයි.

ඔවුන් මේ ප්‍රකාශය සිද්ධ කරලා තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් එහි සරල තේරුම පහතින්,

“රටේ මිනිසුන්ට ඔවුන්ගේ මූලික අවශ්‍යත අවශ්‍යයි, ඔවුන් ඔවුන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් සටන් කරනවා. රට එක තැන පල්වෙන තත්ත්වයට පත්වෙලා තියෙනවා දැක්කම දුකයි. ගරු ජනාධිපතිතුමනි, රටේ හඬට සවන් දෙන්න, වඩා හොඳ ශ්‍රී ලංකාවක් සඳහා අපි ඔබට සහාය දුන්නෙමු, මේ ජාතියේ දුක්ඛිත තත්ත්වය දැකීමෙන් අපි සැබවින්ම කනගාටු වෙමු. ශ්‍රී ලාංකිකයන් තම අනාගතය වෙනුවෙන්, තම දරුවන් වෙනුවෙන් හදවතින්ම හඬ නගති. මිනිසුන් මර්දනය කිරීම පිළිතුර නොවේ, බලය යෙදවීම පිළිතුර නොවේ, හදිසි නීතිය සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිතුර නොවේ, සමාජ මාධ්‍ය තහනමක් ඇති කිරීම පිළිතුර නොවේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ නිසි විසඳුමක්, මේ ජාතියේ බලාපොරොත්තු සහ සිහින නැවත ගෙන එන සත්‍යවාදී විසඳුමකි. අපි හැමදාම මේ රටේ ජනතාව වෙනුවෙන් හිටියා, අපි මේ රටේ ජනතාව එක්ක ඉන්නවා. ජනතාවගේ හඬට සවන් දෙන්න. රටට හරි දේ කරන්න.” 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27