හොඳම ටෙස්ට් පන්දු යවන්නන් අතර මිලාන් රත්නායක මුල් 100 දෙනා අතරට

ශ්‍රී ලංකා නවක ක්‍රීඩක මිලාන් රත්නායක ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි මුල් 100 දෙනා අතරට පැමිණීමට සමත් ව තිබෙනවා.

ICC කවුන්සිලය විසින් පෙරේදා (10) දිනයේ දී සිදු කරන ලද නවතම යාවත්කාලීන කිරීම්වලට අනුවයි මිලාන් හට ලොව හොඳම පන්දු යවන්නන් 100 දෙනා අතර 84 වැනි ස්ථානය හිමි ව ඇත්තේ.

මිලාන් රත්නායක මෙම දක්ෂතාව දැක්වූයේ පසුගියදා නිමාවට පත් වූ එංගලන්තයට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දීයි.

එය ඔහුගේ මංගල ටෙස්ට් තරගය ද වූ අතර; සිය මංගල ටෙස්ට් තරගයේ දී ද මිලාන් රත්නායක පළමු ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය ( ලකුණු 72ක්) ද වාර්තා කිරීමට සමත් වුණා.

එමෙන්ම ඔහු තරග 03ක දී කඩුලු 10ක් දවාගත්තේ ඉනිම් 06කට් ක්‍රීඩා කරමින්.

ඒ අනුව ඔහුට ප්‍රසාද ලකුණු 269ක් හිමි ව තිබෙනවා.

ටෙස්ට් තුන්ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි 50 වන ස්ථානය දක්වා ද මෙම නවක ක්‍රීඩකයා ඉදිරියට පැමිණ තිබීම දැකිය හැකියි.

මේ අතර එංගලන්ත තරගාවලිය තුළ දී කඩුලු දවා ගැනීමේ දී කැපී පෙනුණු ළහිරු කුමාර ද පන්දු යවන්නන් අතර ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන 10ක් ඉහළට පැමිණ 32 වැනි ස්ථානය හිමිකරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?