AFC Banner
AFC Banner
Empty Ad

හෙලිකොප්ටරයක් කඩා වැටී ඉන්දියාවේ අනතුරක්

ඉන්දියාවේ පූනේහි දී හෙලිකොප්ටර් යානයක් කඩ වැටී අද අනතුරක් සිදුව තිබෙනවා.

දැඩි සුළං සහ අයහපත් කාලගුණයත් සමඟ ගිවන් ගත වූ හෙලිකොප්ටරයක් මෙලෙස කඩ වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

යානය කඩා වැටෙන අවස්ථාවේ දී එහි නියමුවා ඇතුළු පුද්ගලයන් හතර දෙනෙක් එහි සිට තිබෙනවා.

AW 139 දරන මෙම හෙලිකොප්ටර් යානය මුම්බායි සිට හයිද්‍රාබාද් වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් නියමුවා තුවාල ලබා ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

යානයේ ගමන් ගත අනෙක් තිදෙනාට හානියක් සිදුව නොමැති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?