හෙරොයින් ජාවාරමට සම්බන්ධ 3ක් STF අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් රාජගිරිය ප්‍රදේශයේ ඊයේ වැටලීමක් සිදුකර ඇති අතර එහිදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 254ක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් සතුව තිබී හෙරොයින් ජාවාරමින් උපයාගත් බවට සැක කෙරෙන මුදල් රුපියල් 147,000ක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල ලබාදුන් මහරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 48, 41 සහ 39 වයස්වල පසුවන්නන්.

පුත්තලම සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අකුරැස්ස හේනේගම ප්‍රදේශයේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 230ක් සොයාගෙන ඇති අතර සැකකරු ඉදිරි විමර්ශන සඳහා දික්වැල්ල පොලිසියට භාරදී තිබෙනවා.

35 හැවිරිදි සැකකරු වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එම පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීමෙන් මිදිගම ප්‍රදේශයේදී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් සඳහා ආධාර අනුබල ලබාදුන් අයෙක් බවට ද හෙළිවී තිබෙනවා.

දික්වැල්ල පොලිසියයි වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21