දකුණු අප්‍රිකානු මුල් පෙළ පිතිකරුවෙකු වන හෙන්රිච් ක්ලාසන් ජාත්‍යන්තර එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
ක්ලාසන් සිය තීරණය අද (02) නිල වශයෙන් දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
33 හැවිරිදි ක්ලාසන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ප්‍රවේගකාරී ම පිතිකරුවෙකු ලෙස සැලකෙනවා.
කඩුලු රකින්නෙකු ලෙස ද කටයුතු කරන ක්ලාසන් 2024 වර්ෂයේ දී ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් ද සමුගත්තා.
2018 වර්ෂයේ දී කේප් ටවුන් හි දී ඉන්දියාවට එරෙහිව එක්දින වරම් දිනාගත් ක්ලාසන් එක්දින පිටියේ ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 2141ක්.
ඊට තරග 60ක් ඇතුළත්.
එක්දින ශතක 04ක් සහ අර්ධ ශතක 11ක් ක්ලාසන් නමින් ලියැවී තිබෙනවා.
පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ ක්ලාසන් අර්ධ ශතක 05ක් ලබාගත්තේ තරග 58කට එක් වෙමින්.
කෙසේවෙතත් ක්ලාසන් සම්පූර්ණ ක්‍රිකට් ආකෘතිවලින් හදිසියේ ම සමුගැනීමට හේතුවක් මෙතෙක් නිල වශයෙන් සඳහන් කර නැහැ.













