හෙන්රිච් ක්ලාසන් ක්‍රිකට් පිටියෙන් සමුගනියි

දකුණු අප්‍රිකානු මුල් පෙළ පිතිකරුවෙකු වන හෙන්රිච් ක්ලාසන් ජාත්‍යන්තර එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ක්ලාසන් සිය තීරණය අද (02) නිල වශයෙන් දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

33 හැවිරිදි ක්ලාසන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ප්‍රවේගකාරී ම පිතිකරුවෙකු ලෙස සැලකෙනවා.

කඩුලු රකින්නෙකු ලෙස ද කටයුතු කරන ක්ලාසන් 2024 වර්ෂයේ දී ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් ද සමුගත්තා.

2018 වර්ෂයේ දී කේප් ටවුන් හි දී ඉන්දියාවට එරෙහිව එක්දින වරම් දිනාගත් ක්ලාසන් එක්දින පිටියේ ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 2141ක්.

ඊට තරග 60ක් ඇතුළත්.

එක්දින ශතක 04ක් සහ අර්ධ ශතක 11ක් ක්ලාසන් නමින් ලියැවී තිබෙනවා.

පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ ක්ලාසන් අර්ධ ශතක 05ක් ලබාගත්තේ තරග 58කට එක් වෙමින්.

කෙසේවෙතත් ක්ලාසන් සම්පූර්ණ ක්‍රිකට් ආකෘතිවලින් හදිසියේ ම සමුගැනීමට හේතුවක් මෙතෙක් නිල වශයෙන් සඳහන් කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15