හෙට (30) මහනුවර නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක්

හෙට (30) මහනුවර නගරය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විදේශ තානාපතිවරුන් 12 දෙනෙකුට අක්ත පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයක් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වීම මීට හේතුවයි.

ඒ අනුව හෙට උදෑසන 9.30 සිට දහවල් 12 දක්වා කාලසීමාව තුළ මහනුවර නගරය ආවරණය වන පරිදි මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති.

තානාපතිවරුන් ජනාධිපති මන්දිරය දක්වා ගමන් කිරීමේදී අදාළ මාර්ගවල පෙරවරු 5 සිට දහවල් 12 දක්වා මාර්ගය දෙපස රථ වාහන නතර කිරීමට අවස්ථාව හිමි නොවන අතර වාහන ධාවනයට හැකියාව පවතිනවා.

උදෑසන 9.30 දිට 11 දක්වා කාලය තුළ තානාපතිවරුන් රැගත් රිය පෙරහැරවල් ගමන් ගන්නා අවස්ථාවලදී මෙම මාර්ගවල රථ වාහන ගමනාගමනය වරින් වර නැවැත්වීමට සිදු වන බව පොලිසිය සඳහන් කළා.

ඩී. එස්. සේනානායක වීදිය. නගර සභා හන්දියේ සිට ක්වීන්ස් හෝටලය හන්දිය දක්වා – දළදා වීදිය, ක්වීන්ස් හෝටලය හන්දියේ සිට දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය හන්දිය දක්වා – කොටුගොඩැල්ල වීදිය, දළදා වීදිය හන්දියේ සිට කොටුගොඩැල්ල වීදිය, රජ වීදිය හන්දිය දක්වා – රජ වීදිය, කොටුගොඩැල්ල වීදිය හන්දියේ සිට ජනාධිපති මන්දිරය දක්වාත් වූ මාර්ගයන්වල මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙනු ඇති.

එමෙන්ම අදාළ කාලය තුළ මහනුවර නගරයේ සිට කටුගස්තොට දෙසට ගමන් කරනු ලබන රථ වාහන සහ කටුගස්තොට සිට මහනුවර දෙසට ගමන් කරනු ලබන රථ වාහන තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කරවීමටයි සැලසුම් කර ඇත්තේ.

Kandy Traffic Police
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
5
+1
11
+1
2
+1
2
+1
1
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?