හෙට (31) සහ අනිද්දා (01) ඔත්තේ දින වන බැවින් ඉන්ධන නිකුත් කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට අද (30) දිනයේ දී එළඹෙන බවයි එම සංස්ථාව සඳහන් කළේ.
හෙට (31) දිනෙන් පසු ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය කෙරෙහි සාකච්ඡාවේ අවධානය යොමු කරනු ඇති අතර මැයි මැද භාගය දක්වා රට තුළ ඉන්ධන ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසන්නේ.
එමෙන්ම සෑම විටම ඉන්ධන සංරක්ෂණය කර ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඔහු පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වනවිට වාහන අංක තහඩුවේ අවසාන අංකය 0, 2, 4, 6 හෝ 8 නම් ඉරට්ටේ දිනවල සහ වාහන අංක තහඩුවේ අවසාන අංකය 1, 3, 5, 7 හෝ 9 නම් ඔත්තේ දිනවල වාහන සඳහා ඉන්ධන නිකුත් කරනු ලබනවා.













