AFC Banner
AFC Banner
Empty Ad

හෙට වර්ජනයට පුද්ගලික බස් රථවල සහාය නැහැ

වෘත්තීය සමිති සහ තවත් සංවිධාන කිහිපයක් හෙට (15) දිනයේ සිදුකිරීමට නියමිත දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට පෞද්ගලික බස්රථ කිසිඳු ආකාරයේ සහයෝගයක් ලබා නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ, අනුව හෙට (15) දිනයේ දී ගමනාගමනයට කිසිඳු බාධාවක් සිදුනොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම පාසල්, කාර්යාල ඇතුළු අනිකුත් මගී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් සභාපතිවරයා පවසා සිටියා.

එම සේවා පවත්වාගෙන යාමට බස්රථ ප්‍රමාණවත් නොමැති නම් අතිරේක බස්රථ යෙදවීමට ද පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.

බස් රථ වර්ජනය කළහොත් එම සේවකයන්ට කුසගින්නේ සිටීමට සිදුවන බැවින් එළඹෙන සිංහල හිංදු අලුත් අවුරුදු සමය දක්වා අඛණ්ඩව බස් රථ සේවාවන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
51
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?