හෙට වර්ජනයට පුද්ගලික බස් රථවල සහාය නැහැ

වෘත්තීය සමිති සහ තවත් සංවිධාන කිහිපයක් හෙට (15) දිනයේ සිදුකිරීමට නියමිත දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට පෞද්ගලික බස්රථ කිසිඳු ආකාරයේ සහයෝගයක් ලබා නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ, අනුව හෙට (15) දිනයේ දී ගමනාගමනයට කිසිඳු බාධාවක් සිදුනොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම පාසල්, කාර්යාල ඇතුළු අනිකුත් මගී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් සභාපතිවරයා පවසා සිටියා.

එම සේවා පවත්වාගෙන යාමට බස්රථ ප්‍රමාණවත් නොමැති නම් අතිරේක බස්රථ යෙදවීමට ද පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.

බස් රථ වර්ජනය කළහොත් එම සේවකයන්ට කුසගින්නේ සිටීමට සිදුවන බැවින් එළඹෙන සිංහල හිංදු අලුත් අවුරුදු සමය දක්වා අඛණ්ඩව බස් රථ සේවාවන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28