හෙට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වැඩ වර්ජනයක – ආයුර්වේද වෛද්‍යවරුන්ගෙනුත් පෙත්සමක්

හෙට (05) දින වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, සමසෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

අදාළ ගැටලු විස‍ඳාගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදීම විෂය භාර අමාත්‍යවරයා මඟ හරිමින් සිටින බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ.

පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් සම්බන්ධයෙන් පොරොන්දු වූ විසඳුම් මේ වන තෙක් ලබාදීමට පියවර ගෙන නොමැති බව ද හෙතෙම සඳහන් කළා.

ඒ අනුව සාකච්ඡාවකින් තොරව වර්ජනය අත්හැරීමට පියවර නොගන්නා බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අවධාරණය කරනවා.

මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට ලබා දෙමින් තිබුණු අමතර සේවා දීමනාව ජනවාරි පළවෙනිදා සිට නවත්වා ඇති බවට ද වත්මන් රජයට චෝදනා එල්ල වී තිබෙනවා.

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් ආර්. කුලතිලක පෙන්වා දුන්නේ එම ගැටලුව සම්බන්ධයෙන් වන පෙත්සම් දිවයින පුරා ස්ථාන 45ක දී රාජගිරියේ ආයුර්වේද රෝහලේ සියලු වෛද්‍යවරුන්ගේ ද අත්සනින් යුතුව අත්සන් කර ඉදිරියේ දී ජනාධිපතිවරයාට ලබා දීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?