හෙට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වැඩ වර්ජනයක – ආයුර්වේද වෛද්‍යවරුන්ගෙනුත් පෙත්සමක්

හෙට (05) දින වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, සමසෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

අදාළ ගැටලු විස‍ඳාගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදීම විෂය භාර අමාත්‍යවරයා මඟ හරිමින් සිටින බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ.

පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් සම්බන්ධයෙන් පොරොන්දු වූ විසඳුම් මේ වන තෙක් ලබාදීමට පියවර ගෙන නොමැති බව ද හෙතෙම සඳහන් කළා.

ඒ අනුව සාකච්ඡාවකින් තොරව වර්ජනය අත්හැරීමට පියවර නොගන්නා බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අවධාරණය කරනවා.

මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට ලබා දෙමින් තිබුණු අමතර සේවා දීමනාව ජනවාරි පළවෙනිදා සිට නවත්වා ඇති බවට ද වත්මන් රජයට චෝදනා එල්ල වී තිබෙනවා.

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම කැඳවුම්කරු වෛද්‍ය චමල් ආර්. කුලතිලක පෙන්වා දුන්නේ එම ගැටලුව සම්බන්ධයෙන් වන පෙත්සම් දිවයින පුරා ස්ථාන 45ක දී රාජගිරියේ ආයුර්වේද රෝහලේ සියලු වෛද්‍යවරුන්ගේ ද අත්සනින් යුතුව අත්සන් කර ඉදිරියේ දී ජනාධිපතිවරයාට ලබා දීමට කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22