හෙට දිනයේ යළිත් සුළි කුණාටුවක් ? – අදත් වැසි වාර කිහිපයක් (වීඩියෝ)

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළඟේ සංසරණය තීව්‍ර වීම හේතුවෙන් සුළි කුණාටුවක ලක්ෂණ ඇති විය හැකි බව යාපනය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශාධිපති සහ සහතිකලත් කාලගුණ විද්‍යාඥ කලනිධි නාගමුත්තු ප්‍රදීපරාජා මහතා පවසනවා.

හෙට (07) දිනයේ දී මෙම කැලඹීම ඇති විය හැකි බවයි ප්‍රදීපරාජා මහතා අනතුරු අඟවා ඇත්තේ.

මෙම අනතුරු ඇඟවීම ඊයේ (05) දිනයේ දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා විසින් ද සිදු කරනු ලැබුවා.

උතුරු සහ නැගෙනහිර පළාත්වල මේ හේතුවෙන් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් සඳහන්.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ප්‍රවණාත්වක් ද පවතිනවා.

සෙසු ප්‍රදේශවල ද ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි අතර ගිගුරුම් සහිත
වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරුවලින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
5
+1
10
+1
6
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13