හෙට දිනයේ ඉන්ධන නිකුත් කරන්නේ කොහොමද ? තීරණය අද

ඉන්ධන නිකුත් කිරීමේ දී හෙට (01) දිනයේ අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව අද (31) දිනයේ තීරණයකට එළඹෙන බව
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

අද (31) සහ හෙට (01) දෙදින ඔත්තේ දිනයන් දිනවීම හේතුවෙන් හෙට (01) දිනයේ දී ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඒ, අනුව හෙට (01) දිනයේ දී ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව අද දිනයේ සාකච්ඡාවක් පවත්වන බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.

වාහන අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6, 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7, 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කිරීමට සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
6
+1
2
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !