හෙට ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීම දෙකක්

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීම් දෙකක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු හයට අරලියගහ මන්දිරයේ දී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

එහි දී රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හෙට පෙරවරු 11.30ට අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි ආණ්ඩු පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?