AFC Banner
Empty Ad
Empty Ad

හෙටත් පැය 06කට අධික විදුලි කප්පාදුවක්

අදියර කිහිපයක් යටතේ හෙට දිනයේ ද විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව P සිට W දක්වා කලාප සඳහා පෙරවරු 08 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වා කාලය තුලදී පැය 04 යි මිනිත්තු 30 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

එම කලාප සඳහා තවත් පැයයි මිනිත්තු 50 ක කාලයක් පස්වරු 05 යි 30 සිට රාත්‍රි 11 දක්වා කාලය තුලදීද විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ.

ඊට අමතරව අද දිනයේදී A සිට L දක්වා කලාප සඳහා පළමුව පැය 03 යි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා. ඒ, පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා කාලය තුළයි.

පස්වරු 06 සිට රාත්‍රි 11 දක්වා කාලය තුලදීද පැයයි මිනිත්තු 40 ක කාලයක් එම කලාප වල විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?