හූනෙක් එකම පවුලේ 6කට මරු කැඳවයි ?

නයිජීරියාවේ Ogun ප්‍රාන්තයේ හූනෙකු වැටී සිටි ආහාරයක් අනුභව කළ එකම පවුලේ හය දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඇඩෙල්ක් ජෝන් සැමුවෙල්, ඔහුගේ බිරිඳ, පමෙලා ඇඩෙල්කේ, ඔවුන්ගේ දරුවන් දෙදෙනා සහ තවත් ඥාතීන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඔවුන් පසුගිය සිකුරාදා අලුයම මෙලස මියගිය බව විදෙස් මාධ්‍ය අනාවරණය කළා.

ඔවුන්ගේ නිවෙසෙහි මුරකරු දිවා විවේකයේදී නිවසේ අසාමාන්‍ය නිශ්ශබ්දතාවයක් ඇති බවට සැක කිරීම හේතුවෙන් කළ සොයා බැලීමේදී යි මෙම කනගාටුදායක මරණ පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ.

පවතින නිහැඬියාව හේතුවෙන් නිවසේ දොර කඩා පැමිණි අසල්වාසීන්ට කාමරවල තිබී සිරුරු සොයා ගැනීමට හැකියාව ලැබුණා.

ඔවුන් සියලුදෙනා නිදා සිටින ඉරියව්වෙන් සිටි අතර, පෙර දින රාත්‍රියේ ආහාරය අතරතුර වස ශරීරගත වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

මරණ සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත මුළුතැන්ගෙයි උපකරණ පරීක්ෂා කිරීමේදී සුප් භාජනයක් තුළ මියගිය හූනෙකු සොයාගෙන තිබෙනවා.

කෙසේවෙතත් 2019 දී අප්‍රිකානු බලධාරීන් විසින් සිදු කරන ලද පරීක්‍ෂණයකින් හෙළි වූයේ හූනන් මාරාන්තික හෝ විෂ සහිත නොවන බවයි.

හූනන් බැක්ටීරියා විශාල ප්‍රමාණයක් රැගෙන යන නමුත් අනුභව කරන ආහාරවලට වැටුණු පමණින් කෙනෙකු මිය නොයන බවයි විශේෂඥයන් පැවසුවේ.

එක්සත් ජනපදයේ මිචිගන් විශ්ව විද්‍යාලය විසින් පවත්වාගෙන යනු ලබන සත්ව, දත්ත සමුදාය ද ප්‍රකාශ කළේ හූනන් විෂ සහිත නොවන අතර මිනිසුන්ට හානිකර නොවන බවයි.

කෙසේවෙතත් එකම පවුලේ සාමාජිකයන් 6 දෙනාගේ මෙම මරණවලට නිශ්චිතව හේතුව වී ඇත්තේ මෙම හූනා ද එසේත් නොමැති නම් වෙනත් කරුණක් ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27
Video thumbnail
සජබයේ සභාපති ධුරය සඳහා කබීර් හෂීම් පත් කරයි..සෙට් එක හිනාවෙවී ඉන්න හැටි
00:38
Video thumbnail
"බලන්නකෝ කොච්චර අපිරිසිදුද.."දේශපාලන බලයෙන් පවත්වාගෙන ගිය රිකිල්ලගස්කඩ තානායමට මුද්‍රා තබයි
08:25