හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය

අද (25) උදෑසන සිට හුදකලා තත්ත්වයන් ඉවත්කිරීම සහ අලුතින් පැනවීම සිදුකරනු ලබන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද උදෑසන 6 සිට පහත ප්‍රදේශ හුදකලා කෙරෙනු ඇත.

01. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක140 – බෝලාන දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි මැක්කොණිය ගම්මානය.

02. පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාමනිලධාරී වසම්.

මේ අතර, අද උදෑසන 6 සිට හුදකලා බව ඉවත් කරනු ලබන ප්‍රදේශ කිහිපයක් පහතින් දැක්වේ.

01. කල්මුනේ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය

  • කල්මුනේ 1C
  • කල්මුනේ 1E
  • කල්මුනේ 2
  • කල්මුනේ 2A
  • කල්මුනේ 2B
  • කල්මුනේ 3A

02.කල්මුනේ දකුණ ග්‍රාමනිලධාරී කොට්ඨාසය

කල්මුනේ 01 (M.D)
කල්මුනේ කූඩි 01
කල්මුනේ කූඩි 02
කල්මුනේ 03 (M.D)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?