හිස ගැන සැකය වෙනත් දිශාවකට..

කොළඹ, වේල්ලවීදියේ ගමන් බෑගයක තිබී සොයාගත් මළ සිරුරේ හිස කොටස ඝාතකයා විසින් පුලුස්සා දමන්නට ඇතැයි සැකකරන බව උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියා.

මෙම කාන්තාවගේ හිස සොයා ගැනීම සඳහා කොළඹ සහ මොණරාගල විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි ඔහු කියා සිටියේ. මෙම ඝාතනය සිදුකළ උපපොලිස් පරීක්ෂකවරයා නිවසට පැමිණි දින රාත්‍රියේ ඔහුගේ කිලිටි ඇඳුම් සිය නිවසේ නානකාමරයේ බේසමක තිබූ බවත් නමුත් පසුදා උදෑසන එම ඇඳුම් දක්නට නොලැබුණු බවත් ඔහුගේ දියණියගෙන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබෙනවා.

තම පියා මධ්‍යම රාත්‍රිය ආසන්යේ දී නිවසට පැමිණි බවත් ඉන්පසු රාත්‍රී ආහාර ගත් බවත් දියණියගේ සාක්ෂියේ සටහන් වී තිබෙනවා. මේ අනුව පොලිසිය සැක කරන්නේ ඝාතනය සිදුකළ උපපොලිස් පරීක්ෂකවරයා එදින රාත්‍රි ආහාර ගැනීමෙන් අනතුරුව කාටත් හොර රහසේ නිවසෙන් පිටවන්නට ඇති බවයි.

එලෙස නිවසින් පිටවූ උපපොලිස් පරීක්ෂකවරයා තම වැඩිමහල් පුත්‍රයාගේ ඉදිකෙරෙමින් පවතින නිවසට ගොස් තමන්ගේ කිලිටි ඇදුම් සහ හිස කොටස පුළුස්සා දමන්නට ඇති බවටයි පරීක්ෂණ මෙහෙයවන කණ්ඩායම් සැක කරන්නේ.

මේ වනවිට කිලිටි ඇදුම් සහ ගමන් බෑගය පුළුස්සා දැමූ ස්ථානය සොයාගෙන ඇති අතර හිස කොටස සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Source – HiruNews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?