රටම එකට ජාතික මෙහෙයුමෙන් වැටලීම් 48,805ක් – සැකකරුවන් 47,703ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් පසුගිය ඔක්තෝම්බර් 30 වැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන ”රටම එකට ” ජාතික මෙහෙයුමෙහි ඊයේ (18) දින දක්වා සමස්ථ වාර්තාව පිළිබද පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම මෙහෙයුම ආරම්භ කළ පසුගිය ඔක්තෝම්බර් 30 වැනිදා සිට ඊයේ (18) දින දක්වා අත්අඩංගුවට ගනු ලැබූ මුළු සැකකරුවන් ගණන 47,703ක්.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 1130 දෙනෙක් පුනුරුත්තාපන ක්‍රියාවලිය සඳහා යොමුකර ඇති බවට පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම මේ දක්වා මත්ද්‍රව්‍ය වැටලීම් 48,805ක් සිදුකර ඇති අතර හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැටලීම් 16,604ක් සිදුකර හෙරොයින් කිලෝ 276ක් සහ ග්‍රෑම් 374ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1002යි ග්‍රෑම් 923ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැටලීම් 17,842ක් සිදු කරමින්.

එමෙන්ම රටම එකට හාතික මෙහෙයුම යටතේ මේ දක්වා ගංජා මත්ද්‍රව්‍ය කිලෝ 1,411 යි ග්‍රෑම් 936ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

එම නිවේදනයේ දක්වා ඇති සම්පූර්ණ වාර්තාව පහතින්,

image



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33