GovPay, ඩිජිටල් ගෙවීම් රුපියල් බිලියන 02 ඉක්මවයි

ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයක් කරා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay 2025 වසරේ දී සිදු කළ ඩිජිටල් ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් බිලියන 02 ඉක්මවා තිබෙනවා.

දින 45ක කාලයක් තුළ GovPay, එහි ආදායම රුපියල් බිලියන 01 සිට රුපියල් බිලියන 02 දක්වා දෙගුණ කර ගැනීමට සමත්ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

මෙම වසරේ පෙබරවාරි 07 වන දින නිල වශයෙන් දියත් කළ දින සිට, මේ දක්වා GovPay ඩිජිටල් ගනුදෙනු 70,178 කට වඩා සිදු කර ඇති අතර, එමඟින් රාජ්‍ය ආයතන 221 ක් හරහා රාජ්‍ය සේවා 3,372කට ගෙවීම් පහසුකම ස්ථාපිත කර තිබෙනවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපායමාර්ගික නායකත්වය යටතේ, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), LankaPay සමඟ ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කළ GovPay, ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් පොදු යටිතල පහසුකම්වල ප්‍රධාන සේවා සපයන්නෙක් බවට පත්ව සිටින බවයි ජනධිපාති මාධ්‍ය අංශයේ නිවේදනයේ සඳහන් වන්නේ.

2025 අප්‍රේල් 10 වන දින GovPay හරහා රථවාහන දඩ ගෙවීම් සඳහා මාර්ගගත ක්‍රමවේදයක් හඳුන්වා දුන් අතර එතැන් සිට මේ දක්වා, මෙම පද්ධතිය හරහා රථවාහන දඩ ගෙවීම් 50,000 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති අතර, එමඟින් රුපියල් මිලියන 66 කට වඩා ආදායමක් උපයා තිබෙනවා.

මෙම සේවාව දැනට දකුණ, කටුනායක සහ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළුව බටහිර, දකුණ, උතුර, වයඹ සහ උතුරු මැද පළාත් පුරා ක්‍රියාත්මක වනවා.

මෙය 2025 දෙසැම්බර් මාසයේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නමුත් අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා තත්ව හේතුවෙන් කල් දැමුණු අතර,ශ්‍රී ලංකා පොලිසිය සමඟ සම්බන්ධීකරණයෙන් සහ LankaPayහි සහාය ඇතිව, 2026 ජනවාරි මාසයේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එකඟතාව පළ කර ඇති බවද වාර්තා වනවා.

GovPay ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන හරහා එහි ප්‍රවේශය පුළුල් කරමින්, පුරවැසියන්ගේ එදිනෙදා කටයුතුවලදී රජයේ සේවාවලට ප්‍රවේශ වීමේ පහසුකම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ඇති අතර උතුරු පළාතේ සියලුම පළාත් පාලන ආයතන සහ දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙම ඩිජිටල් ගනුදෙනු කිරීමේ පහසුකම ස්ථාපිත කර තිබෙනවා.

2026 වන විට සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීමේ ජාතික ඉලක්කය ළඟා කර ගැනීම රජයේ ඉලක්කය වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය මඟින් දැනුම් දෙන්නේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා පොලිසිය, කාර්මික අධ්‍යාපන සහ පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය වැනි ආයතන 2025දී GovPay සඳහා ඉහළම දායකත්වයක් ලබා දුන් ආයතන අතරට පැමිණ තිබෙනවා.

2025 නොවැම්බර් 30 වන දින සිට, මෙමගින් Rebuilding Sri Lanka ආපදා සහන අරමුදලට ඩිජිටල් පරිත්‍යාග සඳහා පහසුකම් සැලසූ අතර, විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ආධාර ඇතුළුව ගනුදෙනු 909ක් හරහා රුපියල් මිලියන 14 කට ආසන්න මුදලක් එම අරමුදලට රැස් කර දීමට සමත්ව ඇති බවයි වර්තා වන්නේ.

පවත්නා අවශතා අනුව, තවත් ආයතන සහ සේවා ඇතුළත් කරමින්, වැඩිදියුණු කළ පහසුකම්ද සමඟ www.govpay.lk නවීකරණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයේ පැවසෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23
Video thumbnail
උණුසුම්වූ පල්ලන්සේන බන්ධනාගාරයෙන් මාරුකළ රැඳවියන්ගේ නම් ප්‍රසිද්ධ කරයි
02:12
Video thumbnail
නාමල්, සාගර ගැන කට අරියි - කන්ටේනර් පන්නලා ජනතාවගේ ජීවන වියදම අඩු කරනවද ?
06:56
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය හිනාවෙවී ලොකු කතාවක්
07:40
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23