හිස්බුල්ලා වෙත එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය අද – 182ක් මරුට

ඊශ්‍රායල – හිස්බුල්ලා නො නවතින සටන් මේ වනවිට (23) තවදුරටත් තීව්‍ර වෙමින් පවතින අතර; අද දිනයේ ද එල්ල කළ මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවකින් ලෙබනනයේ පුද්ගලයින් 182 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අල් ජසීරා මාධ්‍ය වාර්තා කරන්නේ; ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි ඊශ්‍රායල ප්‍රහාරවලින් අද දිනයේ දී තවත් පුද්ගලයින් 700කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

පසුගිය වසරේ සිට දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ඊශ්‍රායල – හිස්බුල්ලා ගැටුම් තීව්‍ර වීම ආරම්භ වන්නේ ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන්ට ලෙබනනයේ හිස්බුල්ලාවරුන් සහාය දැක්වීමත් සමගින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායලය විසින් හිස්බුල්ලාවරුන්ට පසුගිය වසරට සාපේක්ෂව එල්ල කරන ලද දරුණුතම ප්‍රහාරය මෙය බවට ද වාර්තා වනවා.

දකුණු ලෙබනනයේ පුරවැසියන්ට ඉරානයේ පිටුබලය ලබන කණ්ඩායම සිටින ස්ථානවලින් ඉවත් වන ලෙස අනතුරු ඇඟවීමේ දුරකථන පණිවිඩ ලැබී ඇති හෙයින් හිස්බුල්ලා සංවිධානයට එරෙහි සිය ප්‍රහාර “පුළුල්” කරන බවට ඊශ්‍රායලය පවසා තිබෙනවා.

ලෙබනනයේ අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඊශ්‍රායලයේ ක්‍රියාවන් “සමූලඝාතන යුද්ධයක්” බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?