හිරේ සිටින තුෂාර උපුල්දෙණිය ව බෝගම්බරට මාරු කර යවයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ව බෝගම්බර බන්ධනාගාරයට මාරු කර යවා තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය තහවුරු කළේ, අද (26) ඔහුව මෙලෙස බෝගම්බරට මාරු කර යවා ඇති බවට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පුනරුත්ථාපන) ජගත් වීරසිංහ මහතා පැවසූ බවයි.

ජනාධිපති සමාව යටතේ අනීතිකව රැඳවියෙකු නිදහස් කිරීමට එරෙහිව සැකකාර උපුල්දෙණියට චෝදනා එල්ල වී තිබෙනවා.

ඔහුව එළඹෙන ජූලි 09 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

මෙලෙස සැකකාර උපුල්දෙණිය ව වෙනත් බන්ධනාගාරයකට මාරු කෙරුණේ ඔහු රඳවා සිටි වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවට ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දීමත් සමගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?