හිරු එකේ හොඳ නැටිල්ලක් නටපු සනුල්යා

මේ දිනවල විකාශය වෙන ‘දිවිතුරා’ හා ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයවල දකින සනුල්යා දංදෙණිය සාරවිට තරු කතාබහට අපි සමග මෙවර එක්වුණේමු. දක්ෂ නර්තන ශිල්පිනියක්ද වන ඇය ‘හිරු සුපර් ඩාන්ස්’ රියලටි තරගයේද ජයග්‍රාහිකාවක්ද වෙයි.

‘හිරු සුපර් ඩාන්ස්’ වේදිකාව මතකද?

ඔව්, ඒ හරහා තමයි මාව ගොඩක් දෙනෙක් අඳුනගත්තේ. 2018 වසරේ තිබුණ තරගයට තමයි මම සහභාගි වුණේ. එහිදි මට හිමිවුණේ සිවුවැනි තැන.

සනුල්යාගේ දැන් වයස කියද?

දැන් මට 17යි. ගිය වසරේ තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ. දැන් 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සූදානමින් ඉන්නවා. උසස් පෙළට කලා අංශයෙන් තමයි ඉදිරිපත් වෙන්නේ.

ඔබ දැන් රංගන ශිල්පිනියක්?

ඔව්, මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වෙන ‘දිවිතුරා’ හා සිරස නාළිකාවේ විකාශය වෙන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයවල මාව දකින්න පුළුවන්. ‘දිවිතුරා’ හි උත්තරා විදිහටත්, ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ අමන්දි විදිහටත් මම රඟපානවා.

චරිත දෙකෙන් වැඩිපුර රසික ප්‍රතිචාර ලැබෙන්නේ කාටද?

වෙනසක් නැහැ. මා නිරූපණය කරන චරිත දෙකටම හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා.

ඒ කියන්නේ සනුල්යා දැන් ජනප්‍රිය චරිතයක්?

රඟාපන්න කළින් ඉඳලම මා වටා යම් රසික පිරිසක් එකතු වෙලා හිටියා. ඒ ‘හිරු සුපර් ඩාන්ස්’ තරගයේදී. ගොඩක් අය මට ලෙකු සහයක් ලබාදුන්නා ඒ තරගයේ ඉදිරියට යන්න. එදා ඒ තරගයේදී ලැබුණ ආදරය අදටත් නොඅඩුව මට ලැබෙනවා. මම හිතන්නේ ඒ තරගයේදී මා වටා එකතු වුණ රසික පිරිස අදටත් මා සමග ඉන්නවා කියලා.

නටන්නද රඟපාන්නද වඩාත් ඔබ කැමැති?

නටන්න. මොකද, ඒක මට උපතින්ම ලැබුණ හැකියාවක් කියලයි මම හිතෙන්නේ. නමුත්, රඟපාන්නත් මම දක්ෂයි. ඒ හැකියාව මට තියෙනවා. ඒ නිසානේ අද මම රඟපාන්නේ.

පාසලේදී ඔබ කැපි පෙනෙන ශිෂ්‍යාවක්ද?

අනිවාර්යයෙන්ම. පාසලේ නර්තන කණ්ඩායමේ වගේම මම තුර්යවාදක කණ්ඩායමෙත් සාමාජිකාවක් විදිහට කටයුතු කරනවා. පාසලේ තියෙන හැම සෞන්දර්ය වැඩසටහනකටම වගේ මම සහභාගි වෙනවා.

පවුලේ අය කැමතිද ඔබ කලාවට සම්බන්ධ වුණාට?

ඔව්, ගොඩක්ම අම්මා තමයි. ඇය තමයි මාව ‘හිරු සුපර් ඩාන්ස්’ තරගයටත් යොමු කළේ. දැන් වුණත් ටෙලි නාට්‍යය රුපගත කිරිම්වලට යන්නේ මගේ අම්මත් එක්ක. අම්මා වගේම ගෙදර අනිත් අයත් හැම වෙලාවෙම පුළුවන් විදිහට මට උදව් කරනවා.

සනුල්යා කියන්නේ කෙහොම කෙනෙක්ද?

අහිසංක කෙනෙක්. හැබැයි ටිකක් විතර දඟ කෙනෙක්. හැබැයි ඕනැ කෙනෙක් එක්ක සුහදව යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්න පුළුවන් කෙනෙක්.  ආඩම්බරකම නම් පොඩ්ඩක්වත් ගැවිලා නැහැ.

කතා බහා – බුද්ධික සේනාධිර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41