හිරුනිකාගේ චෝදනාව ගැන ආශුගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා පේමචන්ද්‍ර සහ තවත් කාන්තාවක් විසින් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වා සිදු කළ හෙළිදරව්වට අදාලව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදුන්නා.

එහිදී ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ මෙය අසත්‍ය කරුණක් වන අතර තමාගේ නීතිඥවරයා ඒ සම්බන්ධයෙන් කරුණු දක්වනු ඇති බවයි.

මෙය අසත්‍ය වීඩියෝවක් වන අතර එය සංස්කරණය කරන ලද එකක් බවයි ඔහුගේ නීතිඥවරයා එහිදී සඳහන් කළේ.

එමෙන්ම කරුණු විකෘති වන ආකාරුයේ ඡායාරූප කිහිපයක් අදාළ මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කර තිබු අතර එම මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ඊට පෙර ආශු මාරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබූ බවයි නීතිඥවරයා කියාසිටියේ.

මෙම තර්ජනයට පසුබිම් වී ඇත්තේ අදාළ කාන්තාව සහ ආශූ මාරසිංහ අධ්‍යක්ෂ ධුරය දරන සමාගමක ආරවුලක් මත විශාල මුදලක් මෙම කාන්තාව විසින් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා තිබීම බව ද එම නීතිඥවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම සිදුවීමට අදාළව වැඩිදුර ප්‍රකාශයක් අද දිනයේ ආශූ මාරසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බවයි ඔහු කියාසිටියේ.

https://youtu.be/PyCgYTVWGC4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?