AFC Banner
AFC Banner
Empty Ad

හිරුණිකා සම්බන්ධව පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

පසුගිය ජුලි මස 06 වනදා කොටුව ජනාධිපති මන්දිරය ඉදිරියට පැමිණ විරෝධතාවයක නිරත වීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු 10 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන ලෙස ඉල්ලා කොටුව පොලිසිය කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

අද (05) පෙරවරුවේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව පොලිසිය මඟින් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු දසදෙනෙකුට නොතීසි නිකුත් කර තිබුණා.

එහිදී හිරුණිකා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මඩුල්ල අදාල පුද්ගලයන් සැකකරුවන් ලෙස නම් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම නීති විරෝධී බව අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

ඒ, අනුව හිරුණිකා ඇතුළු පිරිස සැකකරුවන් ලෙස නම් කරන ලෙස කොටුව පොලිසිය කළ ඉල්ලීම මහේස්ත‍්‍රාත් අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇති අතර අධිකරණය පොලිසියට අවවාද කර ඇත්තේ නිත්‍යානුකූල ලියවිලි අධිකරණයට නිසි අයුරින් ලබාදෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?