හිරුණිකා සම්බන්ධව පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

පසුගිය ජුලි මස 06 වනදා කොටුව ජනාධිපති මන්දිරය ඉදිරියට පැමිණ විරෝධතාවයක නිරත වීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු 10 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන ලෙස ඉල්ලා කොටුව පොලිසිය කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

අද (05) පෙරවරුවේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව පොලිසිය මඟින් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු දසදෙනෙකුට නොතීසි නිකුත් කර තිබුණා.

එහිදී හිරුණිකා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මඩුල්ල අදාල පුද්ගලයන් සැකකරුවන් ලෙස නම් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම නීති විරෝධී බව අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

ඒ, අනුව හිරුණිකා ඇතුළු පිරිස සැකකරුවන් ලෙස නම් කරන ලෙස කොටුව පොලිසිය කළ ඉල්ලීම මහේස්ත‍්‍රාත් අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇති අතර අධිකරණය පොලිසියට අවවාද කර ඇත්තේ නිත්‍යානුකූල ලියවිලි අධිකරණයට නිසි අයුරින් ලබාදෙන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29