ඊයේ (06) දිනයේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන ලද මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 25ක කප්පම් ඉල්ලා සිටි පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට සමත්වුණා.
මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුනු මෙම කප්පම්කරුවන් ලක්ෂ 25ක කප්පම් මුදල ඉල්ලා ඇත්තේ එම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන හිමිනමකගෙන්.
එම කප්පම් මුදලින් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා ගැනීමට ඊයේ විහාරස්ථානයට මෙම පුද්ගලයින් දෙදෙනා පැමිණි අවස්ථාවේදී එහි රැක සිටි කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගත්තා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කියාසිටියේ.




