කටුනායක සහ මැදපෙරදිග අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

කටුනායක ගුවන් තොටුපොළ සිට මැදපෙරදිග බලා ගමන් ගන්නා ශ්‍රී ලන්කන් , ෆිට්ස් එයාර් සහ අනෙකුත් ගුවන් සේවා , මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ,එහි ප්‍රධාන විධායක නිලධාරී දමිත් රඹුක්වැල්ල පවසනවා.

මේ වනවිට මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය , ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ෆිට්ස් එයාර් ගුවන් සේවය සහ මැදපෙරදිග රටවල සිට ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සබදතා පවත්වන විදේශීය ගුවන් සේවාවන් වන එමිරේට්ස් , ඉටිහාඩ්, ෆ්ලයි ඩුබායි, සෞදියා, ඕමාන් එයාර් සහ කටාර් ගුවන් සේවා ප්‍රධානීන් සමඟ අද (28) ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ දී පැවති සාකච්ඡාවක දී ඉහත තීරණයට එළඹි බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම  මැදපෙරදිග බලා යෑමට සූදානම් වී සිටින ගුවන් මගීන්, කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට පෙර, ඒ පිළිබද තම ගුවන් සේවා ආයතනවලින් හෝ කටුනායක ගුවන් තොටුපොළ අමතා අවශ්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත් ද දැනුම් දෙනවා.

මේ අතර ඈත පෙරදිග රටවල සිට එනම් චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව යන රටවල සිට මැදපෙරදිග බලා පිටත්ව ඇති ගුවන් යානාවලට මැදපෙරදිග කලාපයේ බොහෝ රටවල ගුවන් ගමන් කලාප වසා තැබීම හේතුවෙන් සිය ගමනාන්ත කරා ළගා වීමට නොහැකිවීම නිසා, ඒ වෙනුවට කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ සූදානම් කර ඇති බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36