හිට්මෑන්ගේ අවසන් රංගනය හෙට වේවිද ? – තීරණය අවසන් මහා තරගයේ ප්‍රතිඵලය මත

හෙට (09) දිනයේ ඩුබායිහි දී පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරඟයේ දී ඉන්දියාව නවසීලන්තය හමුවේ පරාජය වුවහොත් ඉන්දීය නායක රෝහිත් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යාමට වැඩි අවස්ථාවක් පවතින බව ඉන්දීය වාර්තාවක් සඳහන් කරනවා.

මෙම අවසන් තරඟය ඉන්දියාව ජයග්‍රහණය කළහොත්, රෝහිත් එක්දින තරඟවල ක්‍රීඩකයෙකු ලෙස පමණක් ඉදිරියට යාමට වැඩි හැකියාවක් පවතින බව වාර්තාවේ තවදුරටත් දැක්වෙනවා.

එහිදී ඔහු නායකත්වයෙන් ඉවත්ව එම වගකීම වෙනත් තරුණ ක්‍රීඩකයෙකු වෙත පැවරීමට ද සූදානමක් පවතින බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා හෝ ආරම්භක පිතිකරුවෙක්වන ශුබ්මන් ගිල් වෙත එම වගකීම පැවරෙනු ඇති බවයි අදාළ වාර්තාව මඟින් පවසන්නේ.

මේ වනවිට 37 හැවිරිදි වියේ පසුවන රෝහිත් ශර්මා සිය ක්‍රිකට් ආනගතය සම්බන්ධයෙන් ගනු ලබන්නේ කුමන තීරණයක් ද යන්න පිළිබඳව නිශ්චිතවම දැනගැනීමට නම් හෙට (09) පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයේ ප්‍රතිඵලය දෙස බලා සිටිය යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
2
+1
0
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30