හිට්මෑන්ගේ අවසන් රංගනය හෙට වේවිද ? – තීරණය අවසන් මහා තරගයේ ප්‍රතිඵලය මත

හෙට (09) දිනයේ ඩුබායිහි දී පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරඟයේ දී ඉන්දියාව නවසීලන්තය හමුවේ පරාජය වුවහොත් ඉන්දීය නායක රෝහිත් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යාමට වැඩි අවස්ථාවක් පවතින බව ඉන්දීය වාර්තාවක් සඳහන් කරනවා.

මෙම අවසන් තරඟය ඉන්දියාව ජයග්‍රහණය කළහොත්, රෝහිත් එක්දින තරඟවල ක්‍රීඩකයෙකු ලෙස පමණක් ඉදිරියට යාමට වැඩි හැකියාවක් පවතින බව වාර්තාවේ තවදුරටත් දැක්වෙනවා.

එහිදී ඔහු නායකත්වයෙන් ඉවත්ව එම වගකීම වෙනත් තරුණ ක්‍රීඩකයෙකු වෙත පැවරීමට ද සූදානමක් පවතින බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා හෝ ආරම්භක පිතිකරුවෙක්වන ශුබ්මන් ගිල් වෙත එම වගකීම පැවරෙනු ඇති බවයි අදාළ වාර්තාව මඟින් පවසන්නේ.

මේ වනවිට 37 හැවිරිදි වියේ පසුවන රෝහිත් ශර්මා සිය ක්‍රිකට් ආනගතය සම්බන්ධයෙන් ගනු ලබන්නේ කුමන තීරණයක් ද යන්න පිළිබඳව නිශ්චිතවම දැනගැනීමට නම් හෙට (09) පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගයේ ප්‍රතිඵලය දෙස බලා සිටිය යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිම වර්ෂාපතනය මාතරට සහ ගාල්ලට - ගංවතුර පවතින ජනතාව සැලකිල්ලෙන් ඉන්න
05:14
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව නෑ..?
05:48
Video thumbnail
කාවන්තිස්සගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ් - අධිකරණය ඉදිරියේ ගම්මු උණුසුම් වෙයි
04:18
Video thumbnail
අදත් සමහර ප්‍රදේශවලට තද වැසි - ඔර්නබ් කුණාටුව දුර්වල වෙයි
02:59
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53