හිටපු සෞඛ්‍ය ඇමති රාජිතට එරෙහි නඩුවක් ගැන අධිකරණයෙන් නියෝගයක්

වෙස්මාරු කරගත් පුද්ගලයින් දෙදෙනෙකු යොදවා 2019 ජනාධිපතිවරණය සමයේ දී ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමට පෙලඹවීම ඇතුළු චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් තාසිම් රුමි යන දෙදෙනා නිදහස් කරන ලෙස නීතිඥවරු කළ ඉල්ලිම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සලකා බැලීම සඳහා ලබන ඔක්තෝම්බර් 04 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නියෝග කර තිබෙනවා.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කරමින් මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය අද (25) නිකුත් කළා.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මිහිදුසිරි අබේසිංහ මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ අධිනීතිඥ පද්මාල් ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත සාක්ෂි ලබා දුන්නා.

එම සාක්ෂියෙන් පසුව සාක්ෂි විභාගය අවසන් කරන බව රජයේ අධිනීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට නොමැති බැවින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ සිය සේවාදායකයින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලීමක් කි‍රීමට අපේක්ෂා කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නිතිඥ අනිල් සිල්වා අධිකරණයට පැවසුවා.

පැමිණිල්ල මෙහෙය වන අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන විශේෂ නඩු කටයුත්තක් සඳහා පෙනී සිටින බැවින් ඔහු අධිකරණය හමුවේ පෙනී සිටින අවස්ථාවේ දී එම ඉල්ලීම සිදු කිරීම සුදුසු බව රජයේ අධිනීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.

එම කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරුවරයා එකී ඉල්ලිම සම්බන්ධයෙන් විත්තියේ හා පැමිණිල්ලේ කරුණු දැක්වීම් සඳහා ලබන ඔක්තෝබර් 04 වැනිදා කැඳවීමටයි නියෝග කළේ.

2019 නොවැම්බර් 10 වැනිදා තිඹිරිගස්යාය ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවක දි අසත්‍ය ප්‍රකාශ සිදු
කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබුවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම මත සුදු වෑන් භාව්තා කර පුද්ගලයින් පැහැර⁣ගෙන ගොස් ඝාතනය කළ බවට සහ වෙලුපිල්ලේ ප්‍රභාකරන් සතුව තිබු රන් භාණ්ඩ උණ්ඩියල් ක්‍රමයට මාරු කළ බව සඳහන් කළ උණ්ඩියල් අතුල සහ ඇන්තනි ඩග්ලස් යන පුද්ගලයින් ලවා අසත්‍ය ප්‍රකාශ සිදු කි‍රීම සම්බන්ධයෙන් එම නඩුව පව‍රා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් 27 දින ලංකා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
3
+1
49
+1
3
+1
3
+1
3
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?