පසුගිය වසරේ ජුලි මස 07 වනදා එප්පාවල පොස්පේට් සමාගම් පරිශ්‍රය තුළ සිදුකළ නිරීක්ෂණ චාරිකාවක දී එහි සැපයුම් නිලධාරී ලෙස කටයුතු කළ එස්.ඒ.අබේසිරි නැමැති නිලධාරියාට තවත් අයෙකු ලවා පහර දී තර්ජනය කර අපහාස සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජ්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව නඩුවක් ගොනුකර තිබෙනවා.
අදාළ නිලධාරියා විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා මෙම නඩුව ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධියෙන් පසු අමාත්‍යවරයා විසින් මෙම නිලධාරියාව සේවයෙන් නෙරපා හරින ලෙස නියෝග කර ඇති අතර, එම සිද්ධිය මුද්‍රිත, ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කරමින් ඔහුව අනීතික ලෙස වැඩ තහනමට ලක් කිරීම අභියෝගයට ලක් කරමින් මෙම නඩුව ගොනු කර ඇති බව සඳහන්.
වැඩ තහනමට ලක් වූ මෙම නිලධාරියා විසින් එකී පහරදීම, තර්ජනය කිරීම, සැලසුම් සහගතව අසත්‍ය චෝදනා කර ප්‍රසිද්ධ මාධ්‍යන් ඉදිරියේ ප්‍රකාශ කරමින් ආයතනයේ සේවයකන් හා නිලධාරීන් ඉදිරියේ පරිභව කිරීමෙන් රජයේ විධායක නිලධාරියෙකු වශයෙන් ඔහුගේ කීර්ති නාමයට සිදුකළ අපහාසයට සහ සිය ප්‍රතිරූපයට සිදු කළ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් අය කර දෙන ලෙස ලෙසයි අත්තනගල්ල දිසා අධිකරණයේ මෙම නඩුව ගොනුකරමින් පවසා ඇත්තේ.
ඒ, අනුව අත්තනගල්ල දිසා අධිකරණය පසුගිය 29 වනදා මෙම නඩුව කැඳවා ඇති අතර, එයට හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ද තම නීතිඥවරුන් මඟින් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.