හිටපු රාජ්‍ය ඇමති චාමරට නඩු වැටෙයි

පසුගිය වසරේ ජුලි මස 07 වනදා එප්පාවල පොස්පේට් සමාගම් පරිශ්‍රය තුළ සිදුකළ නිරීක්ෂණ චාරිකාවක දී එහි සැපයුම් නිලධාරී ලෙස කටයුතු කළ එස්.ඒ.අබේසිරි නැමැති නිලධාරියාට තවත් අයෙකු ලවා පහර දී තර්ජනය කර අපහාස සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජ්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව නඩුවක් ගොනුකර තිබෙනවා.

අදාළ නිලධාරියා විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා මෙම නඩුව ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියෙන් පසු අමාත්‍යවරයා විසින් මෙම නිලධාරියාව සේවයෙන් නෙරපා හරින ලෙස නියෝග කර ඇති අතර, එම සිද්ධිය මුද්‍රිත, ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කරමින් ඔහුව අනීතික ලෙස වැඩ තහනමට ලක් කිරීම අභියෝගයට ලක් කරමින් මෙම නඩුව ගොනු කර ඇති බව සඳහන්.

වැඩ තහනමට ලක් වූ මෙම නිලධාරියා විසින් එකී පහරදීම, තර්ජනය කිරීම, සැලසුම් සහගතව අසත්‍ය චෝදනා කර ප්‍රසිද්ධ මාධ්‍යන් ඉදිරියේ ප්‍රකාශ කරමින් ආයතනයේ සේවයකන් හා නිලධාරීන් ඉදිරියේ පරිභව කිරීමෙන් රජයේ විධායක නිලධාරියෙකු වශයෙන් ඔහුගේ කීර්ති නාමයට සිදුකළ අපහාසයට සහ සිය ප්‍රතිරූපයට සිදු කළ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් අය කර දෙන ලෙස ලෙසයි අත්තනගල්ල දිසා අධිකරණයේ මෙම නඩුව ගොනුකරමින් පවසා ඇත්තේ.

ඒ, අනුව අත්තනගල්ල දිසා අධිකරණය පසුගිය 29 වනදා මෙම නඩුව කැඳවා ඇති අතර, එයට හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ද තම නීතිඥවරුන් මඟින් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

  1. කාමරය එදා රාජ්‍ය නිලධාරියකුට දොස් පැවරූ හැට්ට බොහොම නින්දිතයි බලය තියෙන කොට ඕකුන් ක්‍රියා කරපු හැටියට ඕකට දඩුවම දිය යුතුමයි.

    • අනිවාර්යයෙන්ම.. වරෙක ප්‍රසන්න රණතුංග රාජ්‍ය නිලධාරියෙකුට තර්ජනය කරමින් ඔහු ලබාදුන් උපදෙස් අනුව පමණක් කටයුතු කළ යුතු බව පවසා බියවැද්දීම කළේ කුමක් සදහා ද? ඔවුන්ට එරෙහිවද කටයුතුකළ හැකිනම් අගනේයි..

  2. අයුතු ලෙස බලය පාවිච්චිකර දඬුවම් ලැබියයුතු වරදක් චාමර කර ඇති බවයි අපට නම් තේරෙන්නේ.😪😇🤔



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36