Empty Ad
AFC Banner
Empty Ad

හිටපු රාජ්‍ය ඇමති කාදර්ට අපහාස කළ ව්‍යාපාරිකයෙකුට අධිකරණයෙන් නියෝගයක්

හිටපු ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය හා ද්වේශසහගත ප්‍රකාශ වට්ස්ඇප්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කළ බව කියන සිද්ධියත් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නොවැම්බර් මස 12 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මන්නාරම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන එන්.එම් ෆාරිස් නමැත්තෙකුට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (29) නියෝග කළා.

කාදර් මස්තාන් මහතාට එරෙහිව එවැනි ප්‍රකාශ සමාජය මාධ්‍ය ජාලා ඔස්සේ පළ කිරීම වළක්වාලමින් කොන්දේසි සහිත වාරණ නියෝගයක් ද අධිකරණයෙන් නිකුත් කෙරුණ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

පැමිණිලිකාර කාදර් මස්තාන් මහතා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනතේ 24 වගන්තිය ප්‍රකාරව කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එම නියෝගය නිකුත් කළා.

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික්කයට තරග වදින තමන්ට අපහාසයක් කිරීමේ අරමුණ ඇතිව අදාළ ව්‍යාපාරිකයා තමන්ට එරෙහිව අසත්‍යය ප්‍රකාශ හා හඬපට වට්ස්ඇප්,ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කර ඇති බව ද එවැනි අපහාසාත්මක අසත්‍ය තොරතුරු රැසක් “මුසාලි සිවිල් පෝරම්” හා “මුසාලි සිවිල් මණ්ඩාරම්” නමැති වට්ස්ඇප් සමූහය ඔස්සේ මුදා හැර ඇති බවද ඔහු සිය පැමිණිල්ල මගින් අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අධිකරණය මගින් ලබා දී තිබෙන නියෝග වගඋත්තරකාර ව්‍යාපාරිකයාගේ වට්ස්ඇප් සමූහය වෙත යොමු කරන ලෙසට ද රෙජිස්ටාර්වරයාට නියෝග කළා.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ රම්සි භාවා ඇසෝහිසියට් උපදෙස් මත ජනාධිපති නීතිඥ එමි.යූ.එම්.අලි සබ්‍රි හා තලීන් තෆාන්,සුරංග පෙරේරා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>