හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට මේ වනවිට ඩුබායි හි සැඟව සිටින මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් විසින් මරණීය තර්ජන සිදුකර තිබෙනවා.
අදාළ පාතාල කල්ලි නායකයා විසින් හිටපු අමාත්‍යවරයාට අවස්ථා කිහිපයක දී දුරකථනයෙන් අමතා මෙලෙස මරණ තර්ජන සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බධයෙන් වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කිරීමට ටිරාන් අලස් හිටපු අමාත්‍යවරයා කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
ඒ, අනුව පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධයෙන් අදාළ පොලිස් අංශ වෙත විමර්ශන සිදුකරන ලෙස නියෝග ලබා දී ඇති බව සඳහන්.
හිටපු අමාත්‍යවරයා සිය ධුර කාලය තුළ දී පාතාලය මර්ධනය කිරීමට අදාළ නියෝග ලබාදීම සහ විදෙස් රටවල සිටින අපරාධ කල්ලි සාමාජිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙලෙස ඔහුට මරණ තර්ජන සිදුකර තිබෙනවා.












