UPDATE :- හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට – අද අධිකරණයටත් (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට ටික වේලාවකට (20) පෙර හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා බදුල්ල පොලිසියට කැඳවා තිබුණා.

පසුගිය මහ මැතිවරණයේ දී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් වන චෝදනා මත අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔහු තව සුළු වේලාවකින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හිටපු අමාත්‍යවරයා ආධාරකරුවන් පිරිසක් සමඟ අත්පත්‍රිකා බෙදා හරිමින් රතිඤ්ඤා දල්වමින් පෙළපාළියේ ගමන් කරමින් සිටියදී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත පසුගිය 11 වැනිදා මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය සහ බදුල්ල පොලිසිය මගින් පෙළපාලිය විසුරුවා හරිනු ලැබුවා.

එහිදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ පොලිස් නිලධාරින් අතර ඇති වූ සංවාදයක් හේතුවෙන් එහි නොසන්සුන් තත්ත්වයක් ද හට ගැනුණු අයුරුයි දක්නට ලැබුණේ.

හිටපු අමාත්‍යවරයා විසින් ඇඳ සිටි කමීසය පවා ගලවා දමමින් එම අවස්ථාවේ නොසන්සුන් අයුරින් හැසිරුණා.

ඊට එරෙහිවයි බදුල්ල පොලිස් ස්ථානය විසින් හිටපු අමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගැනුණේ.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බදුල්ල පොලිස් ස්ථානය වෙත කැඳවා තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි හිටපු අමාත්‍යවරයාගෙන් මේ වනවිට (20) බදුල්ල පොලිස් නිලධාරින් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කාලසීමාවේ දී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් පොලිසියට ලැබී ඇති පැමිණිල්ලක් මතයි හිටපු මන්ත්‍රීවරයාව පොලිසියට කැඳවා ඇත්තේ.

කෙසේවෙතත් මෙතෙක් ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන නොමැති බව ද දසත අප කළ විමසීමක දී බදුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා තහවුරු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
12
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් ආණ්ඩුව සැරටම අමතයි - බාල දේශපාලනය නවත්වන්න
02:10
Video thumbnail
වැරදි කරන පොලිස් නිලධාරීන්ට පොලිස්පති අනතුරු අඟවයි
06:49
Video thumbnail
පොඩ්ඩන්ගෙන් සජිත්ට ලැබුණු සුපිරි පිළිගැනීම
01:16
Video thumbnail
අරුන් බෝ#ම්බ ග#හනවා - අපි පෙට්‍රල් ග#හනවා
00:35
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58