ගාල්ල – අක්මීමන ඉහළගොඩ, තලගහ ප්‍රදේශයේ දී වෙඩි තබා හිටපු බන්ධනාගාර අධිකාරවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදි දෙක සොයාගෙන තිබෙනවා.
ඊට අමතරව අපරාධකරුවන් පැළඳසිටි බවට සැකකෙරෙන හෙල්මට් තුනක් ද සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.
ගාල්ල, යක්කලමුල්ල පොලිස් බල ප්‍රදේශයේ කටුපොල් වත්තක දමාගොස් තිබිය දී ඊයේ (13) රාත්‍රී කාලයේ මෙම යතුරුපැදි දෙක සහ හෙල්මට් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
යක්කලමුල්ල සහ වදුරඹ යන පොලිස් ස්ථාන එක්ව පොලිස් නිල සුනඛයින්ගේ සහාය ද ඇතිව සිදුකළ මෙහෙයුමක දී මේවා සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර හිටපු බන්ධනාගාර අධිකාරවරයාට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ස්ථානීය පරීක්ෂණය ඊයේ (14) රාත්‍රියේ සිදුකර තිබෙනවා.
ගාල්ල මහේස්ත්‍රාත්වරිය විසින් මෙම පරීක්ෂාව සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.