AFC Banner
Empty Ad
Empty Ad

හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පොලීසියේ 33 වන පොලිස්පතිවරයා වූ මහින්ද බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (29) සවස 5.00 පමණ කොළඹ නාරහෙන්පිට ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ස්භාවික අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහා අභාවප්‍රාප්ත වී ඇති අතර මියයන විට ඔහු 68 හැවිරිදි වියේ පසුවිය.

මහින්ද බාලසූරිය මහතා 1978 වර්ශයේදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වී ඇති අතර 2010-2011 වර්ශවල දී ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

ඒ වාගේම මහින්ද බාලසූරිය මහතා ඉන්පසුව බ්‍රසීලයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?