AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ප්‍රබලයින් රැසක් මහ මැතිවරණ සටනින් ඉවතට

පසුගිය වර පාර්ලිමේන්තුව නියෝජන කළ මැති ඇමතිවරුන් රැසක් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ප්‍රකාශකර තිබෙනවා.

ඒ, අනුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් ද සිල්වා සහ සම්පත් අතුකෝරල යන අය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැහැ.

ඊට අමතරව එක්සත් ජතික පක්ෂයේ උපලේකම් අකිල විරාජ් කාරියවසම් ද මෙවර මැතිවරණය සඳහා තරග නොකරන බව සඳහන්.

එමෙන්ම හිටපු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ලෙස ප්‍රසන්න රණතුංග, හිටපු රජයේ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කනක හේරත් ද මෙවර තරග නොකරන බව දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන අතර, රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ද මැතිවරණයට තරග නොකරන බව සඳහන්.

එමෙන්ම අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක සහ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ද මෙවර තරග නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව හිටපු ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් විරවංශ, පාඨලී චම්පික රණවක යන අය ද පාර්ලිමේන්තු මැතිවරණය සඳහන් ඉදිරිපත් නොවන බවය නිවේදනය කර අවසන්.

එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ලොහාන් රත්වත්තේ ද මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නැහැ.

එස්.බී. දිසානායක, සී.වී. විග්නේශවරන්, සහන ප්‍රදීප්, වාසුදේව නානායක්කාර, ප්‍රියංකර ජයරත්න සහ ප්‍රදීප් උඳුගොඩ යන අය මහ මැතිවරණයට තරග නොකරන බව සඳහන්.

මේ අතර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ද පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවට මීට පෙර නිවේදනය කර තිබුණා.

එමෙන්ම නව වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කළ මහින්ද යාපා අබේවර්ධන ද මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් නොවන බවයි වාර්තා වුණේ.

එමෙන්ම පසුගිය ආණ්ඩුවේ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කනක හේරත් මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවෙයි.

මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව සඳහන් කළේය.

එම පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ.

අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව අද සඳහන් කළේය.

එක්සත් ජතික පක්ෂයේ උපලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාද මෙවර මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ වෙන් යන අලුත්ම පෙරළිය - වසන්ත සමරසිංහගෙන් විශේෂ ප්‍රකාශයක් #npp #akd
02:21
Video thumbnail
නාමල් ගත්ත විශේෂ තීරණය එළියට #namalrajapaksha
01:54
Video thumbnail
Breaking News🛑දොට්ට දැම්ම ලක් අම්මට සීලරතන හිමිගෙන් ආරාධනාවක්
01:54
Video thumbnail
Breaking News 🛑ලක් අම්මා රත්නපුර ලැයිස්තුවෙන් දොට්ට - ලුණු ඇඹුල් ඇතුව හේෂාට අමතන හඬපටය එළියට
01:06
Video thumbnail
නාම යෝජනා භාර දුන්න නලින්ද ජයතිස්ස රනිල්ට - සජිත්ට - නාමල්ට රිදෙන්නම දෙසයි #npp #akd
02:54
Video thumbnail
රා බිව්වත් එකයි - රා ගස් යට වාඩිාවෙලා හිටියත් එකයි #shortvideo #viralnews #1million
00:24
Video thumbnail
රන්ජන් ගම්පහෙන් වන් ෂොට් - මම බදුල්ලෙන් වන් ෂොට් - අපේ අත් දෙක පිරිසිදුයි
02:48
Video thumbnail
තාත්තත් රටට විහිළුවක් වෙලා යන්නම ගියා - දැන් පුතා ඇවිත් කරන්න යන වෙනස..#maithripalasirisena
04:09
Video thumbnail
Breaking News 🛑 කාලගුණයෙන් රතු නිවේදනයක් #weathernews #weatherupdate
04:26
Video thumbnail
ජනපති පන්නන්න ගහන ස.ජ.බ යටිකූට්ටු ගේම එළියට #sajithpremadasa #anurakumaradissanayake
03:33

?