හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් කෙරේ

පොදු දේපළ පනත යටතේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන 11 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ අද (28) මෙම නඩුව කඳවු අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (28) අධිකරණය හමුවේ පෙනි සිටි අතර එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු සිද්ධියේ දෙවැනි සැකකරු ලෙසට නම් කළා.

මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යෙදවුවත් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?