හිටපු ජනාධිපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් අනුරපුරදී පිංකම් මාලාවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑය අභියස දී පිංකම් මාලාවක් පැවැත්වුණා.

හිටපු ජනාධිපතිවරයාගේ ජන්ම දිනයට සමගාමීව ඔහුටත් රට වැසියාටත් ආශිර්වාද පතා මෙම පිංකම් මාලාව සිදුකෙරුණේ ඊයේ (13) රාත්‍රියේයි.

හිටපු ජනාධිපති වික්‍රමසිංහ රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල වැටුණවැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව, මහා සංඝරත්නය විසින් රුවන්වැලි සෑය අභියස දී පූජාවන් පවත්වා සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කරනු ලැබුවා.

අනතුරුව හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩම වීමෙන් ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත් වූ බෝධි පූජාමය පිංකමට ද හිටපු ජනාධිපතිවරයා සහභාගි වුණා.

ලංකාරාම චෛත්‍යාරාමාදිකාරි පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාවේ දී සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ සාසනයට මෙන්ම රටටත් විශාල මෙහෙයක් කළ ප්‍රධාන චරිතයක් බවයි.

මෙම පිංකම සඳහා අටමස්ථානයම නියෝජනය කරමින් නාහිමිපාණන් වහන්සේලා වැඩම කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?