හිටපු ජනාධිපති තවත් නඩුවක වගඋත්තරකරුවෙකු වෙයි

විදේශ සමාගම් දෙකකින් මෙරට විදෙස් ගමන් බලපත්‍ර මිල දී ගැනීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කර තිබෙනවා.

එපික් ලංකා පෞද්ගලික සමාගම ගොනු කළ රීට් පෙත්සමට අදාළ ව පෙත්සම්කාර පාර්ශ්වය විසින් අද (06) මෝසමක් ඉදිරිපත් කරමින් ඒ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම් කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

ඒ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් හා පී. කුමාරත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ සලකා බැලුණු අවස්ථාවේදියි.

පෙත්සම කැඳවු අවස්ථාවේ දී පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති තසෙස් සමාගම හා ජස්ට් ටයිම් සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු සඳහන් කළේ ඊ – ගමන් බලපත්‍ර මිලියන පහක් මිල දී ගැනීම වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය හේතුවෙන් සිය සේවාදායකයින්ට දැඩි අගතියක් සිදු වන බවයි.

එමෙන්ම ඒ අතුරු තහනම් නියෝගය පෙත්සම් කටයුතු අවසන් වන තෙක් බලපැවැත්වෙන බව ද පෙන්වා දුන් නීතිඥවරු එම අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ද ඉල්ලා සිටියා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ විරාන් කොරයා සඳහන් කළේ එම විදෙස් ගමන් බලපත්‍ර මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතාමත් අවිධිමත් ආකාරයට සිදු ව ඇති බවයි.

එම අතුරු තහනම් නියෝගය ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් පෙත්සම කඩිනමින් විභාගය කොට අවසන් තීන්දුව ලබාදෙන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලු විනිසුරු මඬුල්ල නියෝග කළේ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා දෙසැම්බර් 09 වැනිදාට පෙර ගොනු කරන ලෙසයි.

මෙම රීට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන පහක් සැපයීමට ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් පෞද්ගලික සමාගම් දෙකට පසුගිය සැප්තැම්බර් 02 වැනිදා කැබිනට් අනුමැතිය දී ඇති බවත් ඒ අනුව එහි කොටසක් ලෙස සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර 7,50,000ක් මිල දී ගැනීමට අනුමැතිය දී ඇති බවත් පෙත්සම්කාර ආයතනය පෙත්සම මගින් පෙන්වාදෙනවා.

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර නීතියට සම්පුර්ණයෙන්ම පටහැනි ආකාරයට මෙම විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගය මිල දී ගැනීමට තීරණය කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාර සමාගම අදාළ තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.

පෙත්සම දෙසැම්බර් 09 යළි කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?