Empty Ad
AFC Banner
Empty Ad

හිටපු ජනපති රනිල්ට එරෙහිව තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ඉකුත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව සුරාබදු පනතට පටහැනි ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් එවක මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු වගඋත්තරකරුවන් මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මහනුවර ප්‍රදේශයේ මත්පැන් අලෙවි ව්‍යාපාරයේ නිරත පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම පෙත්සමක් ගොනු කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එහි වග උත්තරකරුවන් ලෙස හිටපු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්. ජේ. ගුණසිරි, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, අල්ලස් කොමිසමේ සභාපතිවරයා, එහි සාමාජිකයින් ඇතුළු 39 දෙනකු නම්කර තිබෙනවා.

ජනාධිපතිවරණයේදී සහාය ලබාගැනීමේ දේශපාලන අරමුණෙන් යුක්තව මෙම බලපත්‍ර නිකුත් කර තිබෙන බවත්, සුරා බදු පනතේ විධිවිධානයන් මගහැර අත්තනෝමතික සහ අයුක්තිසහගත ආකාරයෙන් ඒවා නිකුත් කර තිබෙන බවත් පෙත්සම්කරුවෝ පෙත්සම මගින් චෝදනා කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?